පසුගිය 26 වෙනිදා තිරප්පනේදී ප්‍රාදේශීය සභා ශාලාවේදී පැවැත්වු ශිෂ්‍යත්ව වැඩසටහන Dr.නිශාදි පානබොක්කෙ මහත්මිය විසින් සංවිධානය කර තිබුණි. ඒ සඳහා ප්‍රාදේශීය සභාපතිතුමා සහ ලේකම්තුමා එමෙන්ම අප සංවිධානයේ උතුරු මැද පලාත් අධ්‍යාපන කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජයසිරි මහතාගේත්
නව අධ්යක්ෂ ජයකොඩි මහතාගේත්
Dr.සුනිල් අබේරත්න සහ අප සංවිධානයේ සභාපති Lion ඉන්ද්‍රජිත් මහතාගෙත් සහයෝගය සහ සහභාගිත්ව ඇතිව එම වැඩසටහන සාර්ථකව සිදු කිරීමට එතුමියට හැකිවිය.
එම වැඩසටහන සඳහා ළමුන් 183ක් සහභාගී වූ අතර එය ශිෂ්‍යත්ව ගුරු
ළහිරු ප්‍රදීප් ගුරුතුමන් විසින් මෙහෙයවන ලදී. එම අවස්ථාව සඳහා අප අනුශාසක ස්වාම්න්වහන්සේ වන ගරුතර ස්වාම්න්වහන්සේද සහභාගීවුනා.
Dr.නිශාදි පානබොක්කෙ මහත්මියට මෙවැනි සත්කාරයන් කිරීමට ශක්තිය දිරිය ලැබේවා යයි පතමි.
තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
දර්ශනී ජයසිංහ
ප්‍රධාන ලේකම්




